සෝකධම්ම සූත්‍රය

1.4.5

සෝකධම්ම සූත්‍රය

37. මහණෙනි, සියල්ල සෝක ස්වභාව යැ  මහණෙනි, කවර සියල්ලක් මැරෙණ සුලු  ද යත්:

මහණෙනි, ඇස සෝක ස්වභාව යැ . රූපයෝ සෝක ස්වභාව යැ . චක්ඛුවිඤ්ඤාණය සෝක ස්වභාව යැ . චක්ඛුසම්ඵස්සය සෝක ස්වභාව යැ . චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම්  හෙ ද සෝක ස්වභාව යැ .

කන සෝක ස්වභාව යැ . ශබ්දයෝ සෝක ස්වභාව යැ . සෝතවිඤ්ඤාණය සෝක ස්වභාව යැ . සෝතසම්ඵස්සය සෝක ස්වභාව යැ . සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද සෝක ස්වභාව යැ .

නැහැය සෝක ස්වභාව යැ . ගන්ධයෝ සෝක ස්වභාව යැ . ඝාණවිඤ්ඤාණය සෝක ස්වභාව යැ . ඝාණසම්ඵස්සය සෝක ස්වභාව යැ . ඝාණසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද සෝක ස්වභාව යැ .

දිව සෝක ස්වභාව යැ . රසයෝ සෝක ස්වභාව යැ . ජිවිහාවිඤ්ඤාණය සෝක ස්වභාව යැ . ජිව්හාසම්ඵස්සය සෝක ස්වභාව යැ . ජිව්හාසම්ඵස්සය  නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද සෝක ස්වභාව යැ .

කය සෝක ස්වභාව යැ . ඵොට්ඨබ්බයෝ සෝක ස්වභාව යැ . කායවිඤ්ඤාණය සෝක ස්වභාව යැ . කායසම්ඵස්සය සෝක ස්වභාව යැ . කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද සෝක ස්වභාව යැ .

මනස සෝක ස්වභාව යැ . ධර්මයෝ සෝක ස්වභාව යැ . මනොවිඤ්ඤාණය සෝක ස්වභාව යැ . මනෝසම්ඵස්සය සෝක ස්වභාව යැ . මනෝසම්ඵස්සය  නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද සෝක ස්වභාව යැ .

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සුව හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් වේ නම් එහිත් කලකිරෙයි......

කනෙහිත් කලකිරෙයි.......

දිවෙහිත් කලකිරෙයි රසයන්හිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් වූ හෝ නො සුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි......

කයෙහිත් කලකිරෙයි.....

සිතෙහිත් කලකිරෙයි ධර්මයන්හිත් කලකිරෙයි මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත් බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.

පස්වැනි  වූ සෝකධම්ම සූත්‍රය නිමියේ ය.