සප්පායපටිපදා සූත්‍රය

1.3.9

සප්පායපටිපදා සූත්‍රය

31. සැවැත්නුවර-

මහණෙනි, තොපට සියලු  මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපාදාව දෙසමි. එය අසවු.

මහණෙනි, ඒ සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදාව කවර යත්:

මහණෙනි, මේ සස්නෙහි මහණ චක්ෂුස ආත්ම‘ යයි නො හඟියි. චක්ෂුසෙහි ආත්ම යයි නො හඟියි. චක්ෂසින් බැහැරැ ආත්ම යයි නො හඟියි. චක්ෂුස මාගේ යයි නො හඟී. රූපයන් ආත්ම යයි නො හඟි ....චක්ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්ෂුසම්ඵස්සය ආත්ම යයි නො හඟියි. චක්ෂුසම්ඵස්සයෙන් උපදනා සුඛ වේවයි දුක්ඛ වේවයි අදුක්ඛම සුඛ වේවයි යම් මැ වේදයිතයෙක් වේ නම් එ ද ආත්ම යයි නො හඟියි. එහි දු ආත්ම ය ඇතැයි නො හඟියි. එයින් බැහැරැ ද ආත්ම ය ඇතැයි නො හඟියි. එය ආත්මය අයත් යයි ද නො හඟි.

මහණෙනි, යමක් ආත්ම  යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ‘ යි හඟී ද යමෙකින් බැහැරැ ආත්මය ඇතැ‘යි හඟී ද යමක් ආත්මය අයත් යයි හඟී ද එයින් ඒ අන්ප්‍රකාරයෙන් වෙයි. (විපරීත වෙයි) විපරීත ආකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකය භව මැ ප්‍රාර්ථනා කරයි ..........

ජිව්හාව ආත්ම යයි නො හඟියි. ජිව්හායෙහි ආත්මය ඇතැ‘යි නො හඟියි. ජිව්හායෙන් බැහැර ආත්මය ඇතැ‘යි නො හඟියි. ජිව්හාව මගේ යයි නො හඟියි. රසයන් ආත්ම යයි නො හඟියි .....ජිව්හාසම්ඵස්සයෙන් උපදනා සුඛ වේව යි දුක්ඛ වේව යි, අදුක්ඛම සුඛ වේවයි. යම් වේදයිතයෙක් වේ නම් එද ආත්ම යයි නො හඟියි. එහි ආත්මය ඇතැ‘යි නො හඟියි , එයින් බැහැරැ ආත්මය ඇත‘යි නො හඟීයි එය ආත්මය අයත් යයි ද නො හඟී. මහණෙනි, යම් හෙයකින් යමක් ආත්ම යයි හගී ද යම් තැනෙක ආත්මය ඇතැ‘යි හඟී ද යමෙකින් බැහැර ආත්මය ඇතැ‘යි හඟී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් ප්‍රකාරයෙන් වෙයි. අන් අකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකයා භවය මැ ප්‍රාර්ථනා කරෙයි .......

මනස ආත්ම යයි නො හඟියි, මනසෙහි ආත්මය ඇතැ‘යි නො හඟියි. මනසින් බැහැර ආත්මය ඇතැ‘යි නො හඟීයි මනස මාගේ යයි නො හඟියි. ධර්මයන් ආත්ම යයි නො හඟියි........... මනෝවිඥානය ආතත්ම යයි නො හඟියි.....මනෝසම්ඵස්සය ආත්ම යයි නො හඟීයි. ....මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුඛ වේවයි, දුක්ඛ වේවයි අදුක්ඛම සූක වේවයි යම් වේදයිතයෙක් ඇත්නම් එ ද ආත්ම යයි නො හඟියි. එහි ආත්මය ඇතැ‘යි ද  නො හඟී එයින් බැහැරැ ආත්මය ඇතැයි ද නො හඟියි., එය මාගේ යයි ද නො හඟි.

මහණෙනි, යම් හෙයකින් යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ‘යි හගීද යමෙකින් බැහැර ආත්මය ඇතැ‘යි හගී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් ප්‍රකාරයෙන් වෙයි. අන් ආකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකයා භවය මැ ප්‍රාර්ථනා කෙරෙයි.

මහණෙනි, යම් තාක් ස්කන්ධ ධාතු ආයතන ඇද්ද එ ද ‘ආත්ම‘යයි නො හඟීයි. එහි ‘ආත්මය ඇතැ‘යි නො හගීයි. එයින් බැහැර ආත්මය ඇතැ‘යි ද නො හඟියි. එය මාගේ යයි ද නො හඟියි. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් උපාදාන නො කෙරෙයි. උපදාන නො කරනුයේ ‘තෘෂ්ණා නොකෙරෙයි. තෘෂ්ණා නො කරනුයේ ඉහාත්මයෙහි මැ පිරිනිවෙයි. ජාති ක්ෂය වූ යැ. මඟ බඹසර වැස නිමවන ලද. කරණී කරන ලද. මේ රහත්බැව් පිණිස  කළයුතු අන් කිසෙක් නැති‘යි දැනගනී. මහණෙණි. මේ වූකලී ඒ සියලු මඤ්ඤනා සමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා යි.

නමවැනි වූ සප්පායපටිපදා සූත්‍රය නිමියේ ය.