සාරුප්පපටිපදා සූත්‍රය

1.3.8

සාරුප්පපටිපදා සූත්‍රය

30 සැවැත්නුවර

මහණෙනි, තොපට සියළු (තෘෂ්ණාදෘෂ්ටිමාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපදාව දෙසමි. එය අසවු.

මහණෙනි, ඒ සියලු මඤ්ඤනා සමුග්ඝාතතයට නිසි ප්‍රතිපදා කවර යත්:

මහණෙනි, මේ සස්නෙහි මහණ චක්ෂුස ‘මම වෙමි‘ යි (තෘෂ්ණාදෘෂ්ටිමාන වශයෙන්) නො හඟියි. ‘මම චක්ෂුසෙහි පිහිටියෙමි‘යි නො හඟියි. මම චක්ෂුසින් බැහැරැ වෙමි‘ යි නො හඟියි. චක්ෂුස මාගේ යයි නො හඟියි. රූපයන් ‘මම වෙමි‘යි නොහඟියි. රූපයන්හි ආත්මය ඇතැයි නො හඟියි. රූපයෙන් බැහැර ආත්මය ඇතැයි නො හඟියි. රූපයෝ තමා අයත් වෙතී නො හඟියි. චක්ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්ෂුර්විඥානයෙහි ආත්මය ඇතැයි නො හඟියි. චක්ෂුවිඥානයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. චක්ෂුර්විඥානය තමා අයත් යයි නො හඟියි. චක්ෂුසම්ඵස්සය ආත්ම යයි නොහඟියි. චක්ෂුසම්ඵස්සයෙහි ආත්මය ඇතැයි නොහඟියි. චක්ඛුසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. චක්ඛුසම්ඵස්සප්‍රත්‍යෙයන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එද ‘ආත්ම‘ යයි නො හඟීයි. ආත්මය එහි වෙතී ද නො හඟියි. ආත්මය ඉන් බැහැරැ වෙතී ද නො හඟියි. එය මාගේ යයි නො හඟි.

ජිව්හාව ආත්ම යයි නොහඟියි. ජිව්හායෙහි ‘ආත්මය ඇතැ‘යි නො හඟියි. ජිව්හායෙන් බැහැරැව ‘ආත්මය ඇතැ‘යි නො හඟියි. ජිව්හාව මාගේ යයි නො හඟියි. රසයන් ආත්ම යයි නො හඟියි. රසයෙහි ආත්මය ඇතැයි නො හඟියි. රසයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. රසයෝ මාගේ යයි නො හඟියි. ජිව්හා විඤ්ඤාණය ආත්ම යයි නො හඟියි. ජිව්හා විඤ්ඤාණයෙහි ආත්මය ඇතැ යි නො හැඟියි. ජිව්හා විඤ්ඤාණයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. ජිවිහා විඤ්ඤාණය මාගේ යයි නො හඟියි. ජිව්හා සම්ඵස්සය ආත්මය යි නො හඟියි. ජිව්හාසම්ඵස්සයෙහි ආත්මය ඇතැයි නො හගියි. ජිව්හාසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි.ජිව්හාසම්ඵස්සය මාගේ යයි නො හඟි, ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් උපන් සුව වූ හෝ දුක් වු හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එද ආත්ම යයි නොහඟියි. එහි දු ආත්මය ඇතැ යි නො හඟියි. එයින් බැහැරැ ද ආත්මය ඇතැ‘යි නොහඟයි. එය මාගේ යයි ද නො හඟියි.

මනස ‘ආත්ම‘ යයි නො හඟියි. මනසෙහි ආත්මය ඇතැ‘යි නො හඟිය, මනසින් බැහැරැ ආත්මය ඇතැ‘යි නො හඟියි. මනස ආත්මය අයත් යයි නො හඟියි. ධර්මයන් ‘ආත්ම‘ යයි නො හඟියි. ධර්මයන්හි ආත්මය ඇතැයි නො හඟියි. ධර්මයෙන් බැහැරැ ව ආත්මය ඇතැ‘යි නො හඟියි. ධර්මය අත්මය අයත් යයි නො හඟියි. මනෝ විඥානය ආත්ම යයි නො හඟියි, මනෝ විඥානයෙහි ආත්මය ඇතැ‘යි නො හඟියි, මනෝ විඥානයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි, මනෝවිඥානය ආත්මය අයත් යයි නො හඟියි මනෝසම්ඵස්සය ආත්ම යයි නො හඟියි මනෝසම්ඵස්සයෙහි ආත්මය ඇතැ‘ යි නො හඟියි මනෝසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. මනෝසම්ඵස්සය ආත්මය අයත් යයි නො හඟියි. මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි. එහිදු ආත්මය ඇතැ‘යි නොහඟියි. එයින් බැහැරැ ද ආත්මය ඇතැ‘යි නො හඟියි. එය ආත්මය අයත් යයි නො හඟි.

සියල්ල ආත්ම යයි නො හඟියි. සියල්ලෙහි ආත්මය ඇතැ‘යි නො හඟියි, සියල්ලෙන් බැහැර ආත්මය ඇතැ‘යි නො හඟියි. සියල්ල ආත්මය අයත් යයි නො හඟි, මෙසේ මඤ්ඤනා නො කරන්නේ ලෝකයෙහි කිසිවක් උපදාන නො කෙරෙයි. උපාදාන නො කරනුයේ තෘෂ්ණා නො කෙරෙයි. තෘෂ්ණා නො කරනුයේ මේ අත්බැව්හි ම පිරිනිවෙයි. ජාති ක්ෂය වූ යැ. මඟබඹසර වැස නිමවන ලද. කරණී කරනලද. මේ රහත්බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ‘ යි දැනගනී.

මහණෙනි, මේ වූ කලී ඒ සියළු (තෘෂ්ණා දෘෂ්ටි මාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපාදා යි.

අටවැනි වූ සාරුප්පපටිපදා සූත්‍රය