පහාතබ්බ සූත්‍රය

1.5.6

පහාතබ්බ සූත්‍රය

48. සැවැත්නුවර

මහණෙනි, සියල්ල ප්‍රහීණ කළ යුතු ය. මහණෙනි, කවර සියල්ලක් ප්‍රහීණ කළ යුතු  ද යත්: මහණෙනි, ඇස ප්‍රහීණ කළ යුතු ය. රූප ප්‍රහීණ කළ යුතු ය. චක්ඛුවිඤ්ඤාණය ප්‍රහීණ කළ යුතු ය. චක්ඛුසම්ඵස්සය ප්‍රහීණ කළ යුතු ය. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය.

කන ප්‍රහීණ කළ යුතු ය.  ශබ්ද ප්‍රහීණ කළ යුතු ය.  සෝතවිඥානය ප්‍රහීණ කළ යුතු ය. සෝතසම්ඵස්සය ප්‍රහීණ කළ යුතු ය. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් ඒ ද අනාත්ම ය

දිව ප්‍රහීණ කළ යුතු ය. රස ප්‍රහීණ කළ යුතු ය. ජිව්හාවිඤ්ඤාණය ප්‍රහීණ කළ යුතු ය.  ජිව්හාසම්ඵස්සය ප්‍රහීණ කළ යුතු ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද ප්‍රහීණ කළ යුතු ය.

කය  ප්‍රහීණ කළ යුතු ය. ඵොට්ඨබ්බ ප්‍රහීණ කළ යුතු ය. කායිවිඥානය ප්‍රහීණ කළ යුතු ය. කායස්පර්ශය ප්‍රහීණ කළ යුතු ය. කායස්පර්ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනාත්ම ය

සිත ප්‍රහීණ කළ යුතු ය. දහම් ප්‍රහීණ කළ යුතු ය.  මනෝවිඤ්ඤාණය ප්‍රහීණ කළ යුතු ය.  මනෝසම්ඵස්සය ප්‍රහීණ කළ යුතු ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනාත්ම ය

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ චක්ඛුයෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි.

කනෙහිත් කලකිරෙයි, ශබ්දයන්හිත් ......

නැහැයෙහිත් කලකිරෙයි........

දිවෙහිත් කලකිරෙයි......

කයෙහිත් කලකිරෙයි........

මනසෙහිත් කලකිරෙයි. ධර්මයන්හිත් කලකිරෙයි. මනෝවිඥානයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලෙන්නේ මිදෙයි. මිදුණුකල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූ ය. බඹසැර වැස නිමවන ලද සිව්මග කටයුතු කරන ලද, මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දැනගනි. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය යි.

සවැනි වූ පහාතබ්බ සූත්‍රය නිමියේ ය.